ලිබියාවේ සරණාගත කඳවුරක් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරයත් සමග ඇති වූ පිපිරීම්විලන් තවත් පුද්ගලයන් 80ක් පමණ තුවාල ලබා ඇති අතර, එරට ට්‍රිපෝලි අගනුවරට ඔබ්බෙන් වූ ටජොව්රා හි පිහිටි කඳවුරක් මෙසේ ඉලක්ක වී ඇත.
ලිබියානු ජාතික හමුදාව ලෙස හඳුන්වා ගන්නා එල්.එන්.ඒ. ක්‍රියාකාරීන් වෙත යුරෝපා සංගමයේ සහාය ලබන ලිබියානු සම්මුති රජය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කරයි.
ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ වැඩි පිරිස අප්‍රිකාවෙන් පැමිණි සංක්‍රමණිකයන් බව කියැවෙයි. ඔවුන් යුරෝපයට ඇතුළු වීම සඳහා පසුගිය වසරවල ඇදී ආ සංක්රමණිකයන්ය.
2011 වසරේදී ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දැමීමත් සමග මේ වනවිට ලිබියාව සම්පූර්ණයෙන්ම අරාජික රාජ්‍යයක් බවට පත්ව තිබේ.