යුරෝපා කොමිසමේ ප්‍රධානියා ලෙස ප්‍රථම වරට කාන්තාවක් යෝජනා කරමින් යුරෝපා සංගමයට ආයත් රාජ්‍යයන්ගේ එකතුව ඉහළ තනතුරු සඳහා සිය නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙරට පැමිණ තිබේ.
විශේෂයෙන්ම කොමිසමේ සභාපති ධුරය සඳහා වූ නාම යෝජනාව සඳහා යුරෝපා සංගමය තුළ බෙදීමක් පැවති අතර, විවිධ මත ගැටුම්වල අවසානයේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ලෙස ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය වන උරුසුලා වොන් ඩෙර් ලෙයන් හිටපු ප්‍රධානී ජීන් ක්ලව්ඩේ ජන්කර් වෙනුවට පත්ව ඇත.
මේ අතර, යුරෝපා මහ බැංකුවේ සභාපති ධුරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලෙගාර්ඩ්ගේ නම යෝජනා වෙමින් එහි කාන්තා බලය තවදුරටත් ඉහළ නංවා තිබේ.
මෙම ප්‍රධාන පුටු සඳහා වූ නාම යෝජනා සම්බන්ධයෙන් දින කිහිපයක් පැවති මත ගැටුම්වලින් පසුව මෙම තෝරාපත් කරගැනීම් සිදුව තිබේ. එහිදී, යුරෝපා සංගමයේ ප්‍රධාන පුටු 5ක් සඳහා සුදුස්සන් තෝරාගැනීමට කටයුතු කිරීම යුරෝපා සංගමයට අයත් සියලු රාජ්‍ය නායකයන්ට පැවරුණු කාර්යයකි.
ඒ අනුව, යුරෝපා සංගමයේ සභාපති ධුරයේ සිටි ඩොනල්ඩ් ට්රස්ක් වෙනුවට බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාර්ල්ස් මිෂෙල්ගේ නම යෝජනා වී තිබේ. එමෙන්ම, ස්පාඤ්ඤයේ ජෝසප් බොරෙල් විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා ලෙස යෝජනා වී ඇත.
මෙහි අවසන් ප්‍රධාන පුටුව වන යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ධුරය අද (3දා) තෝරාපත් කරගැනීමට නියමිත අතර, බොහෝදුරට ජර්මනියේ මැන්ෆ්රෙඩ් වෙබර් හෝ බල්ගේරියාවේ සර්ජි ස්ටැනිෂෙව් එම ධුරයට පත්වනු ඇති බව කියැවෙයි.