ඉන්දියාවේ ප්‍රධාන ජලාශ හතරක් සිඳී යාම නිසා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය උග්‍ර ජල අර්බුදයකට මුහුණ දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, මීට කඩිනම් විසඳුමක් ලෙස කැණීම් ආශ්රයෙන් නළ ලිං සවි කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටියි. නමුත්, භූගත ජලයද අවම වෙමින් පවතින බව කියැවෙයි.
මේ අර්බුදය සමග නගරය පුරා අවන්හල් රැසක් වසා දමා ඇති අතර, රජය මගින් ටැංකි ආශ්‍රිතව ලබාදෙන ජලය ලබාගැනීමට පෝලිම් ගැසී ජනතාව රැඳී සිටින ආකාරය එරට සුපුරුදු දසුනකි.
2011 දී සිදුකළ සංගණනයකට අනුව ඉන්දියාවේ 6 වැනි විශාලතම නගරය ලෙස චෙන්නායි සැලකෙන අතර, පවතින සීමිත ජල සම්පත රැකගැනීම සඳහා බොහෝ කාර්යාල සේවකයන් නිවසේ සිටම රාජකාරී කරන පරිසරයක්ද නිර්මාණය වී ඇත.
මේ අතර, ජල අර්බුදය උග්‍ර වීමෙන් ජලය බෙදාගැනීමට නොහැකිව පුද්ගලයන් අතර ගැටුම් උද්ගත වී ඇති බවද වාර්තා වෙයි. මේ හේතුවෙන් දැන් ජනතාව අහස දෙස බලා සිටින්නේ කොයි මොහොතේ වර්ෂාවක් පවතිත වී ඔවුන් මේ ජල අර්බුදයෙන් ගොඩ ගනීවිදැයි කියාය.