උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් වෙත එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පෞද්ගලික ලිපියක් ලැබුණු බව එරට රජයේ පුවත් සේවා පවසයි.
මෙම ලිපිය අගය කර ඇති උතුරු කොරියානු නායකයා එය විශිෂ්ට ලිපියක් බවත්, එහි වූ සිත්ගන්නා සුළු අන්තර්ගතය තමා ඉතා අවධානයෙන් පරිශීලනය කළ බවත් උතුරු කොරියානු නායකයා පවසා ඇත.
එමෙන්ම, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු අසාමාන්‍ය ධෛර්යයද උතුරු කොරියානු නායකයා මෙහිදී අගය කර ඇත.
මෙම මස මුලදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් වෙතින් තමන්ට ඉතා ලස්සන ලිපියක් ලැබුණු බවයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් විසින් කිම් ජොන්ග්-උන් වෙත යවනු ලැබූ ලිපිය කවුරුන් විසින් ගෙනයන ලද්දේද යන්න පිළිබඳව ධවල මන්දිරය හෝ උතුරු කොරියාව සඳහන් කර නැත.