ලොව පුරා සෑම දිනකම තම ස්වාමියා හෝ පවුලේ ඥාතියෙකු අතින් කාන්තාවන් 137ක් පමණ ඝාතනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් මෙම නවතම වාර්තාව නිකුත් කර තිබේ.
එම වාර්තාව පෙන්වා දෙන්නේ කාන්තාවක් ඝාතනය වීමට වැඩිම ඉඩකඩක් පවතින ස්ථානය ඇය ජීවත්වන නිවස බවයි.
වර්ෂ 2017 දී ලොව පුරා ඝාතනයට ලක්වූ කාන්තාව්න 87,000 සැලකීමේදී ඔවුන්ගෙන් අඩකට වැඩි පිරිස සමීපතමයෙකු අතින් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉන් 30,000ක් පමණ ඇය සමග ජීවත්වන ඇගේ සහකරුවා අතින් ඝාතනයට ලක්ව ඇති අතර. තවත් 20,000ක් ඇයගේ ඥාතියෙකු අතින් ඝාතනයට ලක්ව තිබේ.