ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ආගමික උත්සවයක් අතරතුර ඉදිකර තිබූ කූඩාරමයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පැවති අධික වර්ෂාව සහ සුළං තත්ත්වය සමග මෙම කූඩාරම කඩා වැටී ඇති අතර, කූඩාරම කඩා වැටෙන අවස්ථාවේදී එහි ඇද තිබූ විදුලි රැහැන්වල විදුලිය වැදීමෙන්ද, තවත් අය සුන්බුන් ශරීර මතට වැටීමෙන්ද ජීවිතක්ෂයට පත්ව ඇත.
හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා පවසන ආකාරයට ආගමික උත්සය වෙනුවෙන් පුද්ගලයන් 300ක් පමණ එම අවස්ථාවේදී කූඩාරම තුළ රැඳී සිට ඇති අතර,, මෙම අනතුරින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
වයඹදිග ප්‍රාන්තයේ, බාමර් දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී විදුලිය විසන්ඳි නොකිරීමට සංවිධායකයන් කටයුතු නොකිරීම ගැන ප්‍රාන්ත ආපදා කළමනාකරණ අමාත්‍යවරයා චෝදනා කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.