මධ්‍යම ඉන්දුනීසියාවේ බටහිර කලිමන්තන් පළාතට ඔබ්බෙන් වූ ධීවර යාත්‍රා 18ක් කුණාටුවට හසුවීමෙන් පසු ධීවරයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ සිරුරු සොයාගැනීමට හැකිව තිබුණත්, තවත් 31 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
මුදාගැනීමේ කණ්ඩායම් වෙරළ ආසන්නව ස්ථානගතව සිටියත්, අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අඩපණ කර ඇති බවද සඳහන් වෙයි.