ඉතියෝපියානු යුද හමුදා ප්රධානී ජෙනරාල් සීරේ මෙකොනන් ඔහුගේම ආරක්ෂකයෙකුගේ වෙඩි පහරකින් අඩීස් අබ්බාස් නුවරදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉතියෝපියාවේ, උතුරුදිග අම්හාරා පළාතේ පැන නැගුණු කුමන්ත්රණයක් මැඬපැවැත්මට උත්සාහ කිරීමෙන් හමුදා ප්රධානියා සහ තවත් නිලධාරියෙකුට මෙසේ වෙඩි තබා ඇති බව අගමැති අබී අහ්මඩ් කියයි.
මේ අතර, අම්හාරා හිදී පළාත් ආණ්ඩුකාර අම්බචෙව් මෙකොනන් සහ ඔහුගේ උපදේශකයෙක්ද වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉතියෝපියානු රජය පවසන්නේ මේ වනවිට ඝාතකයන් අත්අඩංගුවට ගෙන කුමන්ත්රණයන්ද පරාජයට පත්කරමින් තත්ත්වය පාලනය කර ඇති බවයි.
මේ අවාසනාවන්ත අවස්ථාවේ නපුරු බලවේගයන්ට එරෙහිව රට වැසියන්ට එක්වන ලෙස අගමැතිවරයා ජාතිය අමතමින් කතා කර ඇත. මෙ අතර, එරට අගනුවර සිටින ඇමෙරිකානු තානාපති කාර්යාල සේවකයන්ට පිටතට නොයා සිටින ලෙස එක්සත් ජනපදය අනතුරු ඇඟවීමක් කර තිබේ.