ඉන්දියාවේ, උත්තර් ප්රදේශ් ප්රාන්තයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්රාන්තයේ අගනුවර වන ලක්නව් නගරයට කිලෝමීටර් 336ක් දුරින් වූ අග්රා ප්රදේශයේ අධිවේගී මර්ගයකින් බස් රථය ඉවතට පැන අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු සිට ඇති අතර, එය දිල්ලියේ සිට ලක්නව් බලා ගමන් කරමින් සිට ඇති බව කියැවෙයි.
ඉන්දියාව යනු මෝටර් රථ අනතුරු බහුල රටක් වන අතර සෑම විනාඩි හතරකට වරක් අනතුරක් සිදුවෙයි.
ප්රදේශවාසීන් එක්ව තුවාලකරුවන් 20ක් පමණ රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.