ඇමෙරිකාවේ SpaceX සමාගමට අයත් රොකට් යානයක් ෆ්ලොරීඩා ආසන්න සයුර මත ඉදිකළ අංගනයක් වෙත සාර්ථකව ගොඩබස්වා ඇති බව එම සමාගම පවසයි.
මෙම සමාගම මීට පෙර අවස්ථා හතරකදී මෙවැනි රොකට් යානයක් සයුර මත ඉදිකළ අංගනයකට ගොඩබැස්වීමට උත්සාහ දරා තිබුණත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
ෆැල්කන් නයින් නමැති රොකට් යානය මෙසේ සයුරේ ඉදිකළ වේදිකාව මතට සිරස් ගොඩබැස්වීමක් සිදුකර තිබේ.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සැපයුම් භාණ්ඩ තොගයක් සහිත උප යානයක් රැගෙන ගොස් යළි පැමිණි මෙම රොකට් යානය මෙම සාර්ථක ගොඩබැස්වීම සිදුකර තිබේ.
සාමාන්‍යයෙන් සෑම අභ්‍යවකාශ මෙහෙයුමක් අවසානයේදීම අභ්‍යවකාශ යානා මුහුදට වැටීමට සැලැස්වීමක් මීට පෙර සිදුවුණත්, ඒවා නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් ගොඩබැස්වීම ස්පේක්ස් එක්ස් සමාගමේ අරමුණ වී ඇත.