මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය නැගෙනහිර යුක්රේනයේදී කඩා වැටීමේ සිදුවීම සම්බන්ධ නොතකා සිටිය නොහැකි තරම් සාක්ෂි රුසියාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අවධාරණය කරයි.
ඒ අනුව, නැගෙනහිර යුක්රේනයේ පාලනය ගෙන යන රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් යානයෙන් වැටුණු මිනිසුන්ගේ මළ සිරුරු හැසිරවීමේ අස්වාභාවික ක්‍රියා වහාම නැවැත්වීමට රුසියාවට මැදිහත් වන ලෙසද කෙරී බල කර සිටියි.
MH17 යානය පසුගිය බ්‍රහස්පතින්දා පුද්ගලයන් 298 දෙනෙකු සමග විනාශ වූයේ මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් බව කියැවෙයි.
ඒ අනුව, රුසියාව විසින් කැරලිකරුවන් වෙත ලබාදුන් ගුවන්යානා නාශක මිසයිල පද්ධතියකින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට විශ්වාස කෙරෙයි.
ඊයේ දිනයේදී කඩා වැටුණු යානයේ තැන තැන විසිරී තිබූ මළ සිරුරු ශීතකරණය කළ දුම්රිය මැදිරියකට පැටවීමට කැරලිකරුවන් කටයුතු කරන ආකාරය දැකගත හැකිවූ අතර, ඒවා ගෙන යන්නේ කවර ප්රදේශයකටද යන්න පැහැදිලි නොවීය.
මේ සම්බන්ධයෙන් උරණ වී සිටින ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් කැරලිකරුවන් වෙත පවසා සිටින්නේ මෙම මිනිසුන්ගේ මළ සිරුරු උකසට තබා නොගෙන ඒවා වහාම මියගිය අයගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන ලෙසයි.