මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් විනාශ වූයේ යැයි විශ්වාස කෙරෙන මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානයේදී තම දරුවන් තිදෙනාම අහිමි වූ දෙමවුපිය යුවළකට දාව දියණියක මෙළොව එළිය දැක තිබේ.
ඇන්තනී මස්ලින් හා මාර්ටී නෝරිස් යන යුවළගේ දරුවන් වන මෝ, ඊව් හා ඔටිස් මෙන්ම, නෝරිස්ගේ පියා වන නික් මොරිස්ද 2014 ජූලි මාසයේදී නැගෙනහිර යුක්රේනයේදී අනතුරට ලක්වූ එම ගුවන් යානයේ ගමන් කර තිබුණි.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචිකරුවන් වන මෙම යුවළට දාව උපන් දියණිය වයලට් මෙයි මස්ලින් යනුවෙන් නම් කර ඇති අතර, මේ දරුවා ඔවුන් විස්මයට පත්කළ ත්‍යාගයක් බවද ඔවුහු කියති.