ඉරාකයේ රමාදි නගරයේ බලය තහවුරු කරගත් IS ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් එම නගරය යළි අත්පත් කරගැනීම සඳහා ෂියා සටන්කාමීන් සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ඉරාක රජයේ රූපවාහිනිය පවසන පරිදි යුධ ටැංකි හා සෙසු හමුදා වාහන අල්-හබ්බානියාහ් හමුදා කඳවුර වෙත ඇතුළු වී ඇති අතර, ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ද ඉදිරියට ඇදෙමින් සිටින බව කියැවෙයි.
මේ අතර, ඉරාක රජය විසින් අන්තවාදීන් පසුබැස්සවීම සඳහා ඉරානය ගුවන් හමුදාවේ සහාය ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
බැග්ඩෑඩ් නුවරින් සැතපුම් 70ක් පමණ නුදුරේ පිහිටි නගරයේ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 500ක් පමණ වෙයි.