සිරියාවේ, කුර්දිස් නගරයක් වන කොබානේ ආක්රමණය කිරීමට පැමිණෙන ISIS ඉස්ලාමීය අන්තවාදීන් වෙත ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ ගුවන් හමුදාවන් විසින් දිගින් දිගටම ප්රහාර නිකුත් කරමින් සිටින බව වාර්තා වෙයි.
එම නගරයෙන් ලැබෙන වාර්තාවන්ට අනුව, ගුවන් ප්රහාර හේතුවෙන් නගරය ආක්රමණය කිරීමට පැමිණි ඉස්ලාමීය අන්තවාදීන් යම් පසුබෑමකට ලක්ව සිටියි.
මීට පෙර වාර්තා වූයේ නගරයෙන් තුනෙන් දෙකක පමණ බලය සුන්නි අන්තවාදීන් අතට පත්ව ඇති බවයි.
මේ අතර, සිරියාවේ ක්රියාත්මත ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ගොඩබිම් ප්රහාරයක් දියත් කළ යුතු බව තුර්කිය පවසයි.
තුර්කි පාර්ලිමේන්තුවට පසුගියදා එවැනි ප්රහාරයකට අවසර ලබාදී තිබුණි.
සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද්ගේ පාලනයට එරෙහිව ක්රියාත්මක සටනද මෙවැනි ඉස්ලාමීය අන්තවාදයක් එරට හිස එසවීමට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.
ඒ අනුව, තුර්කිය හා නේටෝ රටවල් එකතුව බෂාර් අල්-අසාද්ගේ රජය සම්බන්ධයෙන්ද ඒකාබද්ධ පියවරක් ගැනීමට සූදානම් වන වාර්තා වෙයි.