IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ට එරෙහි ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය විසින් අන්තවාදීන්ගේ ප්‍රබල බල කඳවුරක් වන රක්ඛා නගරය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
2014 වසරේදී සිරියාව හා ඉරාකය මූලික කරගනිමින් අන්තවාදීන් පිහිට වූ ඉස්ලාම් රාජ්‍යයේ අගනගරය ලෙස සැලකෙන්නේ මෙම රක්ඛා නුවරයි.
ඇමෙරිකානු හමුදා ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් විසින් සිරියාවේ IS අන්තවාදීන් ඉලක්ක කරමින් එල්ල කරන ලද ප්රබලතම ගුවන් ප්‍රහාරය මෙය වන අතර, එහිදී ගුවන් ප්‍රහාර 16ක් එල්ල කර තිබේ.