IS නායක අල්-බග්දාදි රැඳීසිටි මන්දිරයක් හමුවේ
IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබු බකර් අල්-බග්දාදිට අයත් කාන්තාරය මැද පිහිටි සුවිශේෂී මන්දිරයක් හමුවී තිබේ.
ඇමෙරිකාව හා රුසියාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානවල ගුවන් ප්‍රහාර හමුවේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා පළා යන බවට වූ පුවත තවහුරු කරන්නක් බවද මෙම මන්දිරය සාක්ෂි සපයා තිබේ.
සිරියාවේ, මන්ජීබ් ප්‍රදේශයේ ඇති මෙම මන්දිරය ඉරාක ජාතික කැරලි හමුදා සාමාජිකයෙකු විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති අතර, මෙම මන්දිරය නාන තටාක මෙන්ම ඔටුවන්ගෙන් හා අශ්වයන්ගෙන් යුතු සත්වෝද්යානයකින්ද යුතුව නිර්මාණය කර තිබූ බව කියයි.
එහිදී, මෙම මන්දිරය හා සත්වෝද්‍යානය වට කරමින් විශාල තාප්පයක්ද දැකගත හැකි අතර, එම මන්දිරය මහල් කිහිපයකින්ම සමන්විත වූවක් බවද කියැවෙයි.
මීට පෙර ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා ගුවන් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ බව ඇතැම් මාධ්‍ය වාර්තාවල කියවුණත්, එම පුවත ඇමෙරිකානු හෝ රුසියානු බුද්ධි අංශ තහවුරු කළේ නැත.
ඒ අනුව, අල්-බග්දාදි මේ වනවිට ඉරාකයේ මොසුල් නගරය ආශ්‍රිතව කඳවුරු බැඳගෙන සිටින බව විශ්වාස කෙරෙයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

