IS ඉස්ලාමීය අන්තවාදීන් තුර්කිය වෙත ප්රහාරයක් එල්ල කරයි
- 24 07 2015
- 00:33
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
සිරියානු හා තුර්කි දේශසීමාවල තුර්කි හමුදා සමග IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් දරුණු ගැටුම් ඇතිකර ගෙන ඇති බවත්, ප්රහාර හේතුවෙන් එක් සෝල්දාදුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
කිල්ස් පළාතේ ආණ්ඩුකාරවරයා පවසන්නේ, මෙම ප්රහාරයෙන් තවත් සෝල්දාදුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම ප්රහාරයට තුර්කියද බර අවි යොදාගෙන ප්රතිප්රහාරය එල්ල කර ඇති අතර, එම ප්රහාරවලින් ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව හමුදාව විශ්වාස කරයි.
කුර්දි බලය වැඩි ගිණිකොණදිග තුර්කය වෙත මීට දින කිහිපයකට පෙර බෝම්බ ප්රහාරයක් එල්ල වී පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු මෙම ගැටුම් ඇති වී තිබේ.
එම ප්රහාරයද ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් විසින් එල්ල කළ බව තුර්කි හමුදා විශ්වාස කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
