ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊයේ (11දා) 9/11 සැමරුමකට සහභාගී වූ අවස්ථාවේදී හදිසියේ රෝගාතුර වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
වෛද්‍යවරු පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂිකාව නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගත් බවයි. නිව්යෝක් නුවර පැවති උත්සවය අවස්ථාවේදී ඇය විජලනයට පත්ව සිටි බවද වෛද්‍යවරු පවසති.
කෙසේ වෙතත්, මේ වනවිට හිටපු රාජ්‍ය ලේකම්වරියගේ තත්ත්වය යථාතත්ත්වයට පත්වෙමින් ඇති බවද වෛද්‍යවරු පවසා ඇත.
නමුත්, හිලරිගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ නිලධාරීන් පවසන්නේ සිය අපේක්ෂිකාව කැලිෆෝනියාවේ පැවැත්වීමට ගිය රැලිය ඇගේ අසනීප තත්ත්වය හේතුවෙන් අවලංගු කිරීමට සිදුවූ බවයි.
මෙම රැලිය ඇගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් බවත්, එමෙන්ම අපේක්ෂිකාව රටේ ආර්ථිකය පිළිබඳව විශේෂ දේශනයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවක් බවද කියැවෙයි.
ඊයේ නිව්යෝක් නුවර පැවති 9/11 සැමරුම අවස්ථාවේදී රෝගාතුර වූ හිලරි ක්ලින්ටන්, ඇගේ සහායකයන් විසින් වෑන් රථයක නංවා ගන්නා ආකාරය විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා විය.