හිටපු ප්රංශ ජනාධිපති නිකලොස් සාකෝසි සහ ආර්යා කාර්ලා බ්රෑනි රැගත්, විවිධ අවස්ථාවල රහසේ පටිගත කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුසු කිරීම සම්බන්ධයෙන් ඔවුන් නීතී මගින් කටයුතු කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.
සාර්කෝස්ගේ නීතීඥයන් පවසා සිටියේ මේ ආකාරයේ තවත් වීඩියෝ ඇත්නම් ඒවා අන්තර්ජාලයට මුසු කිරීම වලක්වන ලෙස තහනම් නියෝගක් ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.
සිය කාර්ය මණ්ඩලයේ හිටපු සේවකයෙකු වූ පැට්රික් බුයිසන් විසින් ඔවුන්ට නොදැනෙන ලෙස මෙම පටිගත කිරීම් සිදුකර ඇති බව නීතීඥයෝ පවසති.
මේ ආකාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ වීඩියෝ අන්තර්ජාලයට මුසු කිරීමෙන් ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත්, එය ඔවුන්ගේ දේශපාලන දිවියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් නීතීඥයෝ පවසති.
තමන් ජනාධිපති ධුරය දැරූ 2007 සිට 2012 දක්වා කාලය තුළ දේශපාලන රැස්වීම් මෙන්ම පෞද්ගලික කතාබහ ඇතුළු බොහෝ සිදුවීම් පැට්රික් විසින් රහසේ වීඩියෝ කර ඇති බව දැනගැනීමෙන් පසුව සාකෝසි මහත් වූ කෝපයකින් පසුවූ බවද කියැවෙයි.
මේ අතර, පැට්රික්ගේ නීතීඥයන් පවසා ඇත්තේ මෙවැනි පටිගත කිරීමක් සිදු කළත්, ඒවා සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ සේවකයෙකු ලෙස ඔහුගේ විවිධ හමුවීම්වලදී සිදුවන කතාබහ හා සිදුවීම් සියල්ල පැහැදිලිව ලබාගැනීමට බවයි. කෙසේ වෙතත්, එවැනි පටිගත කිරීම් අතර තිබූ ප්රසිද්ධ කිරීමට නුසුදුසු වීඩියෝ රැසක් විනාශ කර ඇති බවද පැට්රික්ගේ නීතීඥයන් පෙන්වා දී තිබේ.