සොලමන් දූපත් ආශ්‍රිතව ඇතිවූ අධික වර්ෂාවත් සමග දරුණු ගංවතුර තත්ත්වයක් උද්ගතව ඇති බවත්, මේ හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
එරටින් ලැබෙන අලුත්ම වාර්තාවන්ට අනුව මේ වනවිට අතුරුදන්ව ඇති පුද්ගලයන් ගණනක දුසිම් ගණනකි. එමෙන්ම නිවාස 10,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම නිවාස අහිමි වී ඇති බවත් වාර්තා වෙයි.
එරට හොනිආරා අගනගරය ගංවතුරින් දැඩිව බලපෑමට ලක්ව ඇති අතර, වැඩි පිරිසක් තාවකාලික ආරක්ෂිත කඳවුරුවල රඳවා තිබෙන බවද කියැවෙයි.
කෙසේ වෙතත් මේ දරුණු ස්වභාවික ව්‍යසනය හමුවේ සොලමන් දූපත් රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ගංවතුර තත්ත්වය තවදුරටත් බලපවත්වනු ඇති බව කාලගුණ අංශ පෙන්වා දි තිබේ.
සොලමන් දූපත් රාජ්‍යයේ සිටින රතුකුරුස ප්‍රධානියාද පවසා සිටින්නේ, මෙම ක්ෂණික ගංවතුර තත්ත්වය කිසිවෙකු බලාපොරොත්තු නොවූ මහත් වූ ආපදාවක් බවයි.
හොනිආරා ප්‍රධාන ගංගාව ලෙස සැලකෙන මටනිකාවු ගංගාව පිරී ඉතිරි යමින් ඉවුරු කැඩී දැවැන්ත ජල කඳක් නගරය පුරා ගමන් කරන්නේ නිවාස, ගොඩනැගිලි, පාලම්, වාහනද ගලවාගෙන බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.