යාත්‍රාවක් තුළ සිරවී සිටින පුද්ගලන් බේරා ගැනීමේ නිසි පුහුණුවක් හෝ ආම්පන්න තමන් සතුව නොමැති බව දකුණු කොරියානු සෙවොල් යාත්‍රා අනතුරේදී ක්‍රියාකළ එරට වෙරළාරක්ෂකයෝ පවසති.
පසුගිය අප්‍රේල් මාසයේදී සිදුවූ මෙම අනතුරින් යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයන් 300ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් වැඩි පිරිස පාසල් ළමයින්ය.
එය දශක කිහිපයක ඉතිහාසයේ එරට සිදුවූ දරුණුතම සාගරික අනතුර ලෙස සැලකෙයි.
එහිදී, යාත්‍රාවේ කපිතාන්වරයා සහ නැවියන් 14 දෙනෙකුට චෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, ඉන් කපිතාන්වරයා හා තවත් නැවියන් තිදෙනෙකුට මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී ඇත.