සිරියාවේ සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව හා සහාය වෙනුවෙන් විසඳුමක් සෙවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අපොහොසත් වී ඇති බව 21 සහන කණ්ඩායම විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් පවසයි.
සේව් ද ච්ලිඩ්රන් හා ඔක්ස්ෆෑම් යන සංවිධාන අයත් මෙම සහන කණ්ඩායම 2011 වසරේදී ගැටුම් ආරම්භ වීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත් ඛේදනීයම වසර මෙය බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර, තවත් සහන කණ්ඩායමක් පෙන්වා දෙන්නේ අභ්‍යවකාශයේ සිට රාත්‍රී කාලයට නිරීක්ෂණය කිරීමේදී සිරියාව තුළ දැකිය හැකි ආලෝකය 83% කින් අතුරුදන්ව ඇති බවයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් පෙන්වා දෙන්නේ දුගුකාලීන දේශපාලන විසඳුමක් සිරියානු අර්බුදය වෙනුවෙන් අවශ්‍ය බවයි.