සිකා වෛරසය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත විය හැකි වසංගතයක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම කටයුතු කරන ලෙස ඇමෙරිකානු විද්‍යාඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට බලකර තිබේ.
ඇමෙරිකානු වෛද්‍ය ජර්නලයක අදහස් දක්වමින් එම විද්‍යාඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්වා දෙන්නේ ඉබෝලා වසංගතය සැලකිල්ලට ගෙන, ඉන් පාඩම් ඉගෙන විශේෂඥයන්ගෙන් සමන්විත හදිසි කමිටුවක් පත්කරන ලෙසයි.
මදුරුවෙකු වාහකයෙකු ලෙස ක්‍රියාත්මක වෙමින් පැතිරෙන සිකා වෛරසය හේතුවෙන් කුඩා හිස් කබලක් සහිත දරුවන් උපත ලබන අතර, එය මේ වනවිට බ්‍රසීලය තුළ වේගයෙන් පැතිර ගොස් තිබේ.
එරට තුළ වෛරසය ඇතුළු වූ දහස් ගණනක් සිටින අතර, වෛරසය තවත් රටවල් 20කට අධික ප්‍රමාණයකට පැතිර ගොස් තිබේ.