සිකා වෛරසය යුරෝපය වෙත පැතිරීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
මෙම වෛරසය පතුරුවන මදුරුවන් කළු මුහුද ආශ්රිත කලාපය වෙත බෝවීමක් සමග මෙම අවදානම මතුව ඇත.
ඒ අනුව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය හා ග්‍රීසිය මෙහි වැඩි අවදානමක් පවතින රටවල් ලෙසත්, බ්‍රිතාන්‍ය අඩු අවදානමක් පවතින රටක් ලෙසත් දක්වා තිබේ.
කෙසේ වෙතත්, මෙම රටවල සංචාරය කිරීම සම්බන්ධ උපදෙස් මාලාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙතෙක් නිකුත් කොට නැත
.