සිංගප්පූරුවේ ජාතියේ පියා යන විරුධාවලිය ලැබූ, සිංගප්පූරු දේශයේ නිර්මාතෘ ලී ක්වාන් යූ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට 91 වැනි වියෙහි පසුවන ලී ක්වාන් යූ දරුණු නිව්මේනියා තත්ත්වයකින් පෙළෙන බව කියයි.
1959 වසරේදී සංගප්පූරුව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් පසුව වසර 31ක කාලයක් එරට රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ ඔහු සිංගප්පූරුව ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් බවට පත්කිරීමට ක්‍රියා කළේය.