ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් අන්තර්ජාලය හරහා සිදුකරන බුද්ධි තොරතුරු විමර්ශනයන්හිදී ඊට හසුවන වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බව හිටපු බුද්ධි අංශ නිලධාරී එඩ්වඩ් ස්නොව්ඩන්ගේ හෙළිදරව්වක් උපුටා දක්වමින් වොෂිංටන් පෝසට් පුවත්පත පවසයි.
එම පුවත්පත පෙන්වා දෙන්නේ විශේෂ බුද්ධි තොරතුරු ගවේෂණයේදී එරට ආරක්ෂක ඒජන්සියට කොටුවන පිරිසෙන් 90% ක් පමණ අහිංසක සාමාන්‍ය පුරවැසියන් බවයි.
එහිදී, මෙම පුද්ගලයන්ගේ අතිශය රහසිගත දත්ත රැස්කර තබාගැනීමට ඔවුන් කටයුතු කරන බවත්, බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඒවා කිසිදු වැදගත්කමක් නොමැති බවත් එම පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙයි.
එම පුවත්පත පෙන්වා දෙන්නේ 2009 වසරේ සිට 2012 වසර දක්වා එරට ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් එකතු කළ ඊමේල් පණිවුඩ 160,000ක්, ක්ෂණික පණිවුඩ 7,900ක් සහ අන්තර්ජාල ගිණුම් සම්බන්ධ ලිපි ගොනු 11,000ක් පමණ ඔවුන් නිරීක්ෂණය කළ බවයි.