යුරෝපය වෙත පැමිණෙන සංක්‍රමණිකයන්ට සහාය දක්වමින් යුරෝපයේ ප්‍රධාන නගර කිහිපයක මෙන්ම ඔස්ට්‍රේලියාවේද පෙළපාලි කිහිපයක් පැවැත්වී ඇත.
මීට සහාය දක්වන තවත් වැඩසටහන් කිහිපයක්ම තවත් රටවල පැවති බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, මූලික වශයෙන් සිරියාවෙන් පැමිණෙන දැවැන්ත සංක්‍රමණිකයන්ට මුහුණ දීමට නොහැකිව මේ වනවිට යුරෝපය අර්බුදයකට ලක්වඇත.
සෙනසුරාදා වන විට මියුනිච් වෙත 9000ක පමණ සංක්‍රමණිකයන් පැමිණ සිටි අතර, සති අන්තය වනවිට 40,000ක් පමණ පැමිණෙනු ඇති බව ජර්මනිය බලාපොරොත්තු වෙයි.