පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පසුගිය වසරේ පැවති මැතිවරණයේදී වංචා සිදුකළ බවට චෝදනා කරමින් ඔහුට වහා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්රමුඛ පෙළේ පකිස්තාන දේශපාලඥයෙකු වන ඉම්රාන් ඛාන් බලකර සිටියි.
ඉස්ලාමාබාද් අග නගරයට රැස්වූ තම ආධාරකරුවන් දහස් ගණනක් අමතමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ අගමැති නවාස් ෂරිෆ් ඉල්ලා අස්වන තුරු නගරයේ ප්රධාන වීදි අත්පත් කරගන්නා බවයි.
මෙවැනිම වූ ඉල්ලීමක් කෙරෙන තවත් රැස්වීමක් විරුද්ධ පක්ෂ දේශපාලනඥයෙකු වන තහිල් උල් කද්රි විසින් අද පැවැත්වීය.
ඉම්රාන් සහ කහිල් යන දෙදෙනාම තම ආධාරකරුවන් සමග නැගෙනහිර පකිස්ථානයේ ලාහෝර් නගරයේ සිට පෙළපාලි වලින් පැමිණි අතර, ඊයේ දිනයේදී ඉම්රාන් ගමන් කළ රථයට වෙඩි ප්රහාරයකට මුහුණ පෑමටද සිදුවිය.
කෙසේ වෙතත්, එම වෙඩි ප්රහාරයෙන් ඉම්රාන් ඛාන්ට කිසිදු අනතුරක් සිදු නොවීය.
එහිදී, වත්මන් පාකිස්තාන රජය පවසන්නෙ සිදුවූයේ යැයි පැවසෙන මැතිවරණ වංචා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සුදානම් බවය. එමෙන්ම, රජය අවධාරණය කරන්නේ පෙළපාළි පැවැත්වීමෙන් අගමැති ෂරීෆ් ඉවත්කළ නොහැකි බවයි.
වසරක් පිරුණු ෂරීෆ් පාලනයට මෙතෙක් එල්ල වූ විශාලතම අභියෝගය මෙම විරෝධතාවන් දෙක බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.