ශතවර්ෂයකට අධික කාලයකට පසුව පෘථිවිය ආසන්නයෙන් විශාල ග්රාහකයක් ගමන් කරන බව නාසා ආයතනය පවසයි.
පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 7ක පමණ දුරකින් ගමන් කරන ෆ්ලෝරන්ස් ලෙස නම් කළ ග්රාහකයේ විෂ්කම්භය කිලෝ මීටර් 4.4ක් පමණ වන බවද නාසා ආයතනය පවසයි.
මෙම ආසන්න ශතවර්ෂයේදී පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ ග්රාහක පිළිබඳ සැලකීමේදී මෙය ප්රමාණයෙන් විශාලතම ග්රාහකය බව කියැවෙයි.
වර්ෂ 1981 දී හඳුනා ගනු ලැබූ ෆ්ලෝරන්ස් ග්රාහකය හා පෘථිවිය අතර ඇති දුර පෘතුවිය හා සඳ අතර ඇති දුර මෙන් 18 ගුණයක පමණ වන බවද නාසා ආයතනය පෙන්වා දෙයි.
මෙම ග්රාහකයෙන් පසුව පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන මෙතරම් විශාල ග්රාහකයක් පිළිබඳව වාර්තා රවන්නේ වර්ෂ 2,500 දී බවත් නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.