තම ගොවිපොළේ ඇති දැඩි කළ එළුවෙකු ඩැහැගැනීමට පැමිණි ව්‍යාඝ්‍රයෙකු සමග තනිව සටන් කළ ඉන්දීය ජාතික තරුණියක අනූ නවයෙන් සිය ජීවිතය බේරාගැනීමේ පුවතක් ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
23 හැවිරිදි රූපාලී මෙෂ්රාම් පවසා තිබුණේ ඇය නිවසේ සිටියදී එළුවෙකු කෑමොර දෙන ශබ්දය ඇසී තමන් වහාම ඒ වෙත දිවගිය බවයි.
ඒ වනවිටත් ව්‍යාඝ්‍රයා විසින් එළුවා ඩැහැගෙන තිබූ අතර, ඇය පොල්ලක් ගෙන ව්‍යාඝ්‍රයාට පහර දෙමින් එළුවා බේරාගැනීමට උත්සාහ කර තිබේ.
මේ අවස්ථාවේදී ව්‍යාඝ්‍රයා විසින් ඇයටද පහරදී ඇති අතර, ඇයගේ මවද මැදියත් වීමෙන් පසුව ඇයව යළි නිවස තුළට ඇද ගැනීමෙන් ඇගේ ජීවිතයද බේරී තිබේ. ව්යාඝ්රයාගේ පහරදීමෙන් එළුවා මියගිය බව ඇය කියයි.
කෙසේ වෙතත්, මේ ප්‍රහාරයෙන් පසුව ඔවුන් වහාම රෝහල්ගත වීමට කටයුතු කර ඇති අතර, ඔවුන් දෙදෙනාම ව්යාඝ්රයාගේ නිය පහරට හසුව සුළු තුවාල ලබා සිටි බව සඳහන් වෙයි.
මෙම ප්‍රහාරය සිදුවූ මොහොතේ ඇය සෙල්ෆී ඡායාරූපයක්ද ලබා ගනිමින් සමාජජාලයට එක්කර තිබුණු අතර, පසුව ඇය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටියදීද ඡායාරූපයක් එක්කර තිබුණේ මවත් සමගිනි. ඔවුන් දෙදෙනාම මේ වනවිට රෝහලෙන් නික්ම ගොස් ඇත.