වසර 25කට පසුව මියන්මාර්යේ පැවැත්වෙන ප්රථම විවෘත මහ මැතිවරණය සඳහා එළැඹෙන නොවැම්බර් 8 වැනිදා දින නියම කර ඇති බවට තොරතුරු වාර්තා වන බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, එරට මැතිවරණ කාර්යාල බලධාරීන් පවසා ඇත්තේ අදාල දිනයන් පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කෙරෙනු ඇති බවයි.
2010 වසරේදී එරට හමුදා පාලනය අවසන් වීමත් සමග හමුදා සහයෝගයක් ලැබුණු සිවිල් ආණ්ඩුවක් එරට තුළ ක්රියාත්මක කෙරිණි.
ඒ අනුව, එරට පාලක පක්ෂය වන යූ.එස්.ඩී.පී. පක්ෂය හා අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්.එල්.ඩී) අතර කරට කර තරගයක් ඇතිවනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1990 වසරේදී එන්.එල්.ඩී. පක්ෂය එරට පැවති අවසන් විවෘත මහ මැතිවරණයේදී ජයග්රහණය කළත් මිලිටරි ජුන්ටාව විසින් එම ජයග්රහණය පිළිනොගත්තේය.