2016 වසරේ සහන සේවා කටයුතු වෙනුවෙන් ඇ.ඩො.බිලියන 20.1ක සහනාධාර අවශ්‍යව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
එමෙන්ම, මෙම ආධාරවලින් පහෙන් දෙකක් සිරියාවේ යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා යොදාගත යුතුව ඇතැයිද එම සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සහනසේවා ප්‍රධානී ස්ටෙෆන් ඕබ්රෙයින් පෙන්වා දෙන්නේ ලෝකයේ අන් කවරදාකටත් වඩා ජනතාව පීඩාවට පත්ව ඇති යුගයක් උදාවී තිබෙන බවයි. එහිදී, මිලියන 87ක ජනතාවට කඩිනම් සහන අවශ්‍යව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ අතර, ඇදහිය නොහැකි තරමේ ජන සමූහයකට තම උන්හිටිතැන් අහිමි වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
කඩිනම් සහන අවශ්‍ය රාජ්‍ය ලෙස සිරියාවට අමතරව, ඉරාකය, දකුණු සුඩානය සහ යේමනය මූලික තැන්හි පවතී.