රුසියානු හිතවාදීන් විසින් අත්පත් කරගෙන සිටි නැගෙනහිර යුක්රේනයේ තවත් නගර දෙකක බලය සියතට ගත් බව යුක්රේන රජය පවසයි.
යුක්රේන ජනපති පෙට්රෝ පොරොෂෙන්කෝගේ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ ආටිමිවුස්ක් හා ඩ්රස්කිවැක් යන නගර දෙකෙහි මේ වනවිටත් යුක්රේන ධජය ඔසවා ඇති බවයි.
රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටි ප්රධාන මර්මස්ථානයක් වූ ස්ලෝවියාන්ස්ක් හි බලය යළිත් යුක්රේන හමුදා විසින් අත්පත් කරගැනීමෙන් දිනකට පසු මෙම නගර දෙකෙහි බලයද නැවත ආරක්ෂා කරගැනීමට යුක්රේනය සමත්ව තිබේ.
මේ අතර, කැරලිකරුවන්ට සහාය දක්වමින් ඩොනෙට්ස්ක් හි දහස් ගණන් ජනතාව සහභාගි වූ පෙළපාලියක් පැවති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.