නැගෙනහිර යුක්රේනය වෙත ආධාර රැගෙන පැමිණි රුසියානු ලොරි රථ යුක්රේනයේ අවසරයකින් තොරව දේශසීමා තරණය කර ඇති බවට යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් චෝදනා නගයි.
යුක්රේන ආරක්ෂක ප්‍රධානි වැලෙන්ටයින් පවසා සිටින්නේ මෙය සෘජු ආක්‍රමණයක් ලෙස හැඳින්විය හැකි බවයි.
නමුත්, මේ සම්බන්ධයෙන් හමුදා බලය නොයොදවන බවද හෙතෙම පවසයි.
නැගෙනහිර යුක්රේනයේ සිටින සාමාන්‍ය ජනතාවට යැයි පවසමින් රුසියානු ලොරි රථ යුක්රේනය වෙත ගමන් ඇරඹුවේ මීට සහිතයට පමණ ඉහතදීය.
එහෙන්ම, පදනම් විරහිතව මානුෂීය ආධාර වෙත යුක්රේනය බාධා කරන බවටද රුසියාව චෝදනා කළේය.
කෙසේ වෙතත්, මේ වනවිට එම ලොරි රථ නැගෙනහිර යුක්රේනය වෙත පැමිණ ඇති අතර, ඒවා රුසියානු හිතවාදීන් විසින් රැගෙන යන බවටද තොරතුරු වාර්තා වෙයි.
යුක්රේනය මුල සිටම කියා සිටියේ මේ ආධාර සාමාන්‍ය ජනතාවට නොව රුසියානු හිතවාදී සටන්කරුවන්ට රුසියාවෙන් එවූ යුද ආධාර බවය.