රුවන්ඩාවේ ජනාධිපතිවරණයෙන් තෙවැනි වරටත් ජය ලැබීමට වත්මන් ජනාධිපති පෝල් කගාමේ සමත්වනු ඇති බව වාර්තා වෙයි.
59 වැනි වියෙහි පසුවන කගාමේ සමග මෙවර ජනාධිපතිවරණයට තරග කළේ රුවන්ඩා ප්රජාතන්ත්රවාදී හරිත පක්ෂයේ ෆ්රෑන්ක් හබිනේසා සහ ස්වාධීන අපේක්ෂක ෆිලිපේ මපායිමානා ය.
කෙසේ වෙතත්, 2000 වර්ෂයේ සිට බලයේ සිටින කගාමේ රුවන්ඩා දේශයට සුවිශේෂී ආර්ථික වර්ධනයක් අත්කරදුන් නායකයෙකු ලෙස ජනතා ආශිර්වාදය ලබමින් සිටීම ඔහුගේ මෙම තෙවැනි වර ජයග්‍රහණයට හේතුව බව විචාරකයෝ පවසති.
කෙසේ වෙතත්, රුවන්ඩාව තුළ දේශපාලන නිදහස අවුරාලීම සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවන් පවතින බවද කියැවෙයි.
නමුත්, වත්මන් පාලක පක්ෂය වන ආර්.පී.ඒෆ් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන කගාමේ 2015 වසරේදී එරට ව්‍යවස්ථාව වෙනස් කිරීම හේතුවෙන් ඔහුට 2034 වනතුර බලය පවත්වා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගෙන තිබේ.