දකුණු අප්‍රිකාවේ, ජොහැන්නස්බර්ග් නුවර අත්හැර දැමුණු රන් ආකරයක් තුළ නීති වීරෝධී අයුරින් රත්ත්‍රන් සොයමින් සිටි පතල්කරුවන් රැසක් පතලේ ඉහළ කොටස කඩාවැටීම නිසා ඒ තුළ සිරවී සිටින බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට පතලේ කට ආසන්නයේ සිටින පතල්කරුවන් 30 දෙනෙකු සමග සන්නිවේදනය කිරීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත්ව ඇති බවද වාර්තා වෙයි.
එසේ පතලේ කට ආසන්නයේ සිටින පිරිස පවසන්නේ ආකරය අභ්‍යන්තරයට වන්නට තවත් 200ක පමණ පතල්කරුවන් පිරිසක් හිරවී සිටින බවයි.
සෙනසුරාදා දිනයේ සිට මෙම පතල්කරුවන් පිරිස මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවී ඇති බවත්, මේ දක්වා තුවාලකරුවන් හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවන බවත් දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කරයි.