සිරගත කර සිටි යුක්රේන විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනී යූලියා ටයිමොෂෙන්කෝ නිදහස් කර ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
හිටපු අගමැතිනිය නිදහස් කරන ලෙස එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයත් සමග මේ ආකාරයෙන් ඇය නිදහස් කිරීමට කටයුතු කර ඇති බව පැවසෙයි.
නිදහස ලැබීමෙන් පසුව අදහස් දක්වා සිටි හිටපු අගමැතිනිය කියා තිබුනේ, ‘ඒකාධිපතීත්වය කඩා වැටුණා’ යනුවෙනි.
අගමැතිනිය ලෙස කටයුතු කළ කාලයේ ඇය කළ කී දෑ උලුප්පා දක්වමින්, 2011 දී විවාදයට තුඩුදෙන නඩු විභාගයක් පවත්වා ඇයට වසර හතක සිරදඬුවමක් නියම කළේය.
බැලූ බැල්මටම සොඳුරු රූ සපුවකට හා ඇයටම අනන්‍ය වූ විලාසිතාවලට ප්‍රියකළ කරළියේ වඩාත් කතාබහට ලක්වූ හිටපු අගමැතිනිය යුක්රේනය තුළ විප්ලවයකට නායකත්වය දුන් කාන්තාවකි.
යූලියා නිදහස් කරගැනීම සඳහා යුරෝපා සංගමය පසුගිය වසරේදී බලකර සිටියද වත්මන් අගමැති යනුකොවිච් ඊට කන් නොදුන්නේය. නමුදු, මේ වනවිට යුක්රේනයේ ඇතිවී තිබෙන දැවැන්ත දේශපාලන අර්බුදය හා උද්ඝෝෂණ රැල්ල සමග තම බල පරාක්‍රමය හීන කිරීමට වත්මන් අගමැතිවරයාට සිදුව තිබේ.