රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් පාලනය කරන නැගෙනහිර යුක්රේනයේ සිටින සාමාන්‍ය ජනතාව වෙත ලබාදීම සඳහා රුසියාවේ සිට ගෙනෙන ලද ටොන් ගණනක මානුෂීය ආධාර තොගය යුක්රේනයට ඇතුළු වීමේ අවසරය ලබාගැනීම සඳහා තවමත් එරට දේශසීමාවන්හි රැඳී සිටින බව පැවසෙයි.
ඒ අනුව, මෙම ආධාර තොගය සමග පැමිණි රතු කුරුස නිලධාරීන් මේ වනවිට කියෙව් අගනුවර බලධාරීන් සමග මේවා ගැටුම්කාරී කලාපයට ඇතුළු කිරීම සඳහා වූ අවසරය ලබාගැනීමේ සාකච්ඡාවක නිරත වන බවද වාර්තා වෙයි.
යුක්රේනය පවසන්නේ මෙම ආධාර තොගය ස්වාධීනව පරීක්ෂා කළ යුතු බවයි. මේ තුළ කැරලිකරුවන්ට අවශ්‍ය යුද ආධාර තිබිය හැකි බවට යුක්රේනය විශ්වාස කිරීම මෙම ව්යවුල ඇතිවීමට හේතු වී තිබේ.
යුක්රේන රජයේ හමුදා කැරලිකරුවන් අත පවතින ඩොනෙට්ස්ක් හා ලුහාන්ක්ස් පළාත් වෙත දැඩි ප්‍රහාර එල්ල කරන වාතාවරණයක මෙම ආධාර තොගය ලැබීම ඔවුන්ට වාසි සහගත විය හැකි බව යුක්රේනයේ අදහසයි.
මේ අතර, ඩොනෙට්ස්ක් හි කැරලිකරුවන්ගේ හමුදා නායක ඉගෝර් ගර්කින්ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා විය.