යානා අනතුරට හේතුව බෝම්බයක් - UK හා US බෝම්බ කතාව අනුමානයක් පමණයි - රුසියාව
පුද්ගලයන් 224 දෙනෙකු සමග පසුගිය සෙනසුරාදා දිනයේ රුසියානු මගී ගුවන් යානය කඩා වැටීමට හේතුව බෝම්බ ප්‍රහාරයක් විය හැකි බව ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරන ක්‍රෙම්ලීනය පවසන්නේ ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේදී සිදුවූ මෙම අනතුර බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූයේ යැයි පවසීම අනුමානයක් පමණක් බවයි.
ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මෙම යානයේ වූ බෝම්බයක් පිපිරීමෙන් එය ගුවනේදීම පිපිරී විනාශ වන්නට ඇති බව සැලකෙයි.
නමුත්, ඔවුන්ද පවසන්නේ, මේ සම්බන්ධයෙන් තවමත් අවසන් නිගමනයකට පැමිණ නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් වෙත ප්‍රබල ගුවන් ප්‍රහාරයක් මෑතකදී ඇරඹූ රුසියාව මෙය තම ආරක්ෂාවේ හිදැසක් ලෙස හුවා දැක්වීමට අකැමැති අතර, ඒ අනුව, වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් මෙකී බෝම්බ කතා අනුමාන කතා පමණක් බව අවධාරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
