ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලෝකයේ ප්රමුඛ පෙළේ සෙසු රාජ්‍ය නායකයන් මෙන්ම, ලන්ඩනයේ මැඩම් ටුසෝඩ් ඉටි කෞතුකාගරයේදී සිය නවතම ඉටි රූපය සමග ඊයේ (28දා) නිරාවරණය වූ බව විදෙස් වාර්තා පවසයි.
අගමැති මෝදි නිරන්තරයෙන් සැරසී සිටින ක්‍රීම් වර්ණයෙන් යුතු කුර්තාව සමග මෙම ඉටි රූපය බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා, ප්‍රංශ ජනපති ප්රංශුවා හොලන්දේ සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් යන රාජ්‍ය නායකයන් අතර තැන්පත් කෙරුණු නවතම ඉටි ප්‍රතිමාව බව එම කෞතුකාගාරය පවසයි.
මැඩම් ටුසෝඩ් කෞතුකාගාර පිහිටි සිංගප්පූරුව, හොංකො හා බැංකොක් යන නගරවලද මෝදිගේ ඉටි ප්‍රතිමා ස්ථාපිත කිරීමත්, ඒ සඳහා ඉතා විශාල ජනප්‍රසාදයක් හිමිවීමත් සමග මේ ආකාරයෙන් ලන්ඩනයේ ප්‍රධාන කෞතුකාගාරය තුළ ඉන්දීය අගමැති ප්‍රතිමාව සඳහා අවස්ථාව හිමිව තිබුණි.