ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම්දීම එළැඹෙන 26 වැනිදා සිදුවනු ඇති බව භාරතීය ජනතා පක්ෂය නිවේදනය කළේය.
මෙවර මහ මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩි අද (20දා) ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතා හමුවී රජයක් පිහිටුවීම සඳහා තමන්ට ඇති අයිතිය නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ආකාරයෙන් මැතිවරණය පැවැත්වෙන දිනය නියම වී ඇති බව කියැවෙයි.
මේ අතර, තම රජයේ කැබිනට් මණ්ඩලය තෝරාපත්කර ගැනීම සඳහා මෝඩි රැස්වීම් ගණනාවක් පවත්වා ඇති බවද කියැවෙයි.
සන්ධාන රජයකින් තොරව තනිව රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය අවම මන්ත්‍රී සංඛ්‍යාව වන ආසන 272 අභිභවමින් බහුතර බලයක් සහිතව භාරතීය ජනතා පක්ෂය මැතිවරණය ජයග්‍රහණය ලැබීය.
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය ඇමතූ මෝඩි පවසා සිටියේ දිවුරුම්දීම 26 වැනිදා සවස 6.00 ට සිදුවනු ඇති බවය.
එදිනම ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ද දිවුරුම්දීමට නියමිත අතර, එය රාශ්ට්‍රපති භවන්හි එළිමහනේ ආරාධිතයන් 3,000කගේ පමණ සහභාගීත්වයෙන් සිදුවීමට නියමිතය.