මරක්කේ කිව්වොත් බයික් තමයි. මොරොක්කෝවේ මරක්කේෂ් නගරයේ හැමෝටම බයික් තියෙනවා. කාන්තාවන්, ළමයින්, වයෝවෘද්ධයන් වගේම පවුල් පිටින්ම ගමන් බිමන් යන්නෙ බයික්වලින්. ඔවුන් හැමෝගෙම ප්‍රවාහන මාධ්‍ය බයික් එක.
මරක්කේෂ් නගරය වෛවරණ නගරයක් වන්නේ එහි සංස්කෘතියෙන්මයි. මේ නිසාම මරක්කේෂ් නගරයේ ජීවත්වන කාන්තාවන්ගේ බයික් උන්මාදය සමග ගත් ඡායාරූප පෙළක්, 'කේෂ් ඒන්ජල්ස්' යන නමින් ප්‍රදර්ශනයක් හැටියට නිව්යෝක් නගරයේ දැන් පෙන්වනවා.
සාම්ප්‍රදායික මොරොක්කෝ ඇඳුමින් සැරසුණු යුවතියන් වගේම, ඊට බලපෑම් කළ යුරෝපීය විලාසිතාවලින්ද නොඅඩුව සැරසුණු මොරොක්කෝ යුවතියන් විවිධ ඉරියව් ඉදිරිපත් කරමින තමන්ගේ බයික් විලාසිතා දක්වලා තියෙන්නෙ අඩුවක් නොකියන්නයි.
මේ ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියා පවසන්නේ මොරොක්කෝ කාන්තාවන් සාමාන්‍ය කාන්තාවන් ලෙස බුක්ති විඳින නිදහස, ඔවුන්ගේ ශක්තිය පෙන්වීමට මේ ප්‍රදර්ශනය හොඳ අවියක් බවයි.