පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ් රටින් පිටවීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීමට පාකිස්තාන අධිකරණය සහාය දක්වා ඇති බව වාර්තා වෙයි.
පාකිස්තානයේ සින්ධා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයේදී රටින් පිටවීම තහනම් කර ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනයෙන් මුෂාරෆ්ගේ නම ඉවත් කිරීමට අධිකරණය ක්‍රියා කළ අතර, හිටපු නායකයාටද රටින් පිටවීම තහනම් කර තිබුණි.
රාජද්‍රෝහී පාවාදීමක් සිදුකළේ යැයි යන චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර ඇති මුෂාරෆ්, තමන්ට එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර, ඒවා දේශපාලන උවමනා එපාකම් මත එල්ල වන චෝදනා බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාට රටින් පිටවීම වෙනුවෙන් අධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක වීමට දින 15ක් ගත වන අතර, ඊට පෙර පාකිස්තාන රජයට ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවද කියැවෙයි.