2008 මුම්බායි ප්‍රහාරයේ මහා මොලකරු ලෙස සැලකුණු ඉස්ලාමීය පූජක හෆීස් සයීඩ් නිදහස් කිරීම පිළිබඳ ඇමෙරිකාව මෙන්ම ඉන්දියාව සිය කණස්සල්ල පළ කරමින් ඔහු යළි අත්අඩංගුවට ගන්නා ලෙස පාකිස්තාන රජයට බලකර තිබේ.
පසුගිය ජනවාරි මාසයේ සිට අත්අඩංගුවේ පසුවූ සයීඩ්, පසුගිය බ්‍රහස්පතින්දා නිදහස් කරනු ලැබුවේ ඔහු තවදුරටත් අවදානම් සහගත පුද්ගලයෙකු නොවන බව පවසමිනි.
කෙසේ වෙතත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පූජක තැන මෙහෙයවන ලක්ෂ්කාර්-ඊ-තයීබ් සංවිධානය ඇමෙරිකානුවන්ද ඇතුළුව සිය ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, පුද්ගල ජීවිත 165ක් අහිමි වූ මුම්බායි ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව මෙම පූජක තැන මුල සිටම පවසා තිබුණි.
මෙම ප්‍රහාරයේදී මුම්බායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක්, නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානය මෙන්ම යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානයක් ප්රහාරකයන්ගේ ඉලක්ක බවට පත්ව තිබුණි.