මැලේසියාවේ, ක්වාල ලම්පූර් නුවර ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැරසුණු ත්‍රස්තවාදී සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි.
මැලේසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සහීඩ් හමීඩි පවසන්නේ මෙසේ අත්අඩංගුවට ගත් අයගෙන් ළාබාලම කෙනාගේ වයස අවුරුදු 14ක් බවයි.
ඔවුන්, මැලේසියාවේ පොලිස් ස්ථාන හා හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ආයුධ රැස් කිරීමට සැලසුම් කර ඇති බව එරට පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මෑතකදී සිරියාවේ සිට පැමිණි අයවලුන් බවද කියයි.
මැලේසියානු රජය ත්‍රස්ත විරෝධී නීති බලාත්මක කිරීමට කටයුතු කරන අතර, ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට සූදානම්ය.