මැලේසියාවේ උසම කන්ද ආශ්‍රිතව සිදුවූ රික්ටර් පරිමාණ 6.0ක භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු අතුරුදන්ව ඇති බව බලධාරීන් පවසයි.
කිනබාලු කඳුකරයේ තිබූ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර, භූ කම්පනය හේතුවන් එහි සිටි කඳු නගින්නන් 137 දෙනෙකු නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින බව මීට පෙර මාධ්‍ය වාර්තා හෙළි කර තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට එම පිරිස් ආරක්ෂිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.
එරට මාධ්‍ය පවසා සිටියේ සිංගප්පූරු ජාතික තරුණියක හා මැලේසියානු මගපෙන්වන්නෙකුද මියගිය පිරිස අතර සිටින බවයි.