තම ගුවන් යානයක් අතුරුදන්වීම හා තවත් යානයක් අනතුරට ලක්වීම හේතුවෙන් අර්බුදයකට ලක්ව සිටින මැලේසියානු ගුවන් සේවය යළි ගොඩගැනීම සඳහා එරට රජයේ ආයෝජකයෙකු වෙන කාසානා ජාතික සමාගම ඉදිරිපත්ව සිටින බව පැවසෙයි.
මේ තත්ත්වය තුළ ඔවුන් මැලේසියානු ගුවන් සේවයේ සමස්ත අයිතිය ලබාගනිමින් කඩා වැටුණු සමාගම යළි ඔසවා තැබීමට සූදානම් වෙයි.
මෑතකදී මිසයිල ප්රහාරයක් හේතුවෙන් කඩා වැටුනු MH17 යානය මෙන්ම, දකුණු ඉන්දීය සාගරයේදී අතුරුදන් වූ MH370 යානය හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී එම ගුවන් සමාගම අතිශය දරුණු පසුබෑමකට ලක්විය.
පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බෙයිජිං බලා මන් කරමින් තිබූ MH370 යානය පුද්ගලයන් 229 දෙනෙකු සමග අතුරුදන් වූ අතර, යානය සොයා ලෝක ඉතිහාසයේ එදාමෙදාතුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් එහි කිසිදු සලකුණක් අද වනතුරු සොයාගැනීමට නොහැකි විය.
එවැනි දැඩි අර්බුදකාරී තත්ත්වයක පසුගිය ජූලි මාසයේදී පුද්ගලයන් 298 දෙනෙකු රැගත් NH17 යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ගමන් කරමින් සිටියදී ගැටුම්කාරී යුක්රේන දේශසීමාවේදී මිසයිල ප්රහාරයකට ගොදුරුවීමෙන් විනාශ වී ගියේය.