මාරියා සුළි කුණාටුව පෝර්ටෝ රිකෝ රාජ්‍යයම අඳුරේ ගිල්වයි
කැරිබියන් දූපත් සමූහයට සති දෙකක කාලය තුළ ඇතුළු වූ දෙවැනි ප්‍රබල සුළි කුණාටුව, මාරියාගේ බලපෑම හේතුවෙන් පොර්ටෝ රිකෝ රාජ්‍යයේ විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම දූපත් රාජ්‍යයේ මිලියන 3.5ක පමණ ජනතාවක් වෙසෙන අතර, 5 වැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් ලෙස ඇතුළු වූ මාරියා නිසා මේ සියලු ජනතාව කළුවරේ වෙසෙන බව පැවසෙයි.
මේ අතර, ඇමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසා සිටියේ දැඩි සුළං සමග ඇති වූ වර්ෂාවෙන් දූපත් රාජ්‍ය යේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවයි.
කෙසේ වෙතත්, පොර්ටෝ රිකෝ දූපතෙන් ඉවත්වන යන මාරියා මේ වනවිට දෙවැනි ප්‍රවර්ගයේ සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත්, සුළං වේගය තරමක් අඩුව ඇති බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
මාරියා සුළි කුණාටුවට පෙර මෙම කැරිබියන් කලාපයට බලපෑ අ'ර්මා සුළි කුණාටුව හේතුවෙන් මෙම දූපත් රැසක ජනතාව විශාල හානියකට මුහුණදී සිටි නිසා, මාරියා සුළි කුණාටුව ඔවුන් බොහෝ දෙනෙකු කබලෙන් ලිපට ඇද දැමූ අවස්ථාවක් ලෙස සැලකුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
