මායාවතීට වෛශ්‍යාවක් යැයි කියූ මන්ත්‍රීවරයාගේ තටු කපයි
- 20 07 2016
- 22:31
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ඉන්දියාවේ, අඩු කුල දාලිත්වරුන් නියෝජනය කරන වඩාත් ජනප්‍රිය දේශපාලඥයෙකු වූ මායාවතී වෛශ්යාවකටත් වඩා නරක යැයි පැවසූ විරුද්ධ පක්ෂ දේශපාලඥයෙකුට වැඩ වැරදී ගොස් තිබේ.
මේ ප්‍රකාශයත් සමග දයාශංකර් සිං නමැති මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගතයුතු බව උත්තර් ප්‍රදේශ් මහ ඇමතිනිය ලෙස කටයුතු කරන මායාවතී පවසා තිබේ.
කෙසේ වෙතත්, මීට ප්‍රතිචාර දක්වා ඇති සිං නියෝජනය කරන බී.ජේ.පී. පක්ෂයේ නායකයා වන වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි, ඔහුව ප්‍රාන්තයේ පක්ෂ නායකත්වයකින් පවා ඉවත් කර ඇත.
මේ තත්ත්වය තුළ මායාවතීගෙන් සමාව ගැනීමට තමා සූදානම් බව ඔහු කියා සිටියත්, ඇය එම සමාව ප්‍රමාණවත් නොවන බව පවසා තිබේ.
මෙම ප්‍රකාශයෙන් සිය ධුරය පවා අහිවි වූ සිං උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බී.ජේ.පී. පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

