මහ රැජින ඔටුනු නොපැළඳ පාර්ලිමේන්තු වාරය අරඹයි
නව පාර්ලිමේන්තු වාරයක් ආරම්භ කෙරෙමින් සිදුකෙරෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ ඇමතීම මෙවර වෙනස්ම මුහුණුවරක් ගෙන තිබුණේ, රාජකීය ඇඳුම් ආයිත්තම් නොමැතිව රැජින මෙම අවස්ථාවට සහභාගී වූ නිසාය.
කෙසේ වෙතත්, සතිය ආරම්භයේ සඳුදා මෙම සාම්ප්‍රදායික ඇමතීම සිදුකිරීමට නියමිතව තිබුණත්, මෙවර මැතිවණයේදී කිසිවෙකුට පැහැදිලි බහුතරයක් හිමි නොවීම මෙන්ම, ග්‍රෙන්ෆෙල් ඛේදවාචකය මූලික කරගනිමින් මෙය ඊයේ (21දා) දක්වා කල් දැමුණි.
මීළඟ දෙවසරක කාලයේ බ්‍රිතානයේ සැලසුම් ඇතුළත් න්‍යාය පත්‍රයක් මෙම කතාවේදී රැජින ඉදිරිපත් කරන අතර, මෙවර න්‍යාය පත්‍රයට බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමද ඇතුළත් විය.
එහිදී, දෙවැනි එළිසබෙත් රැජින පවසා සිටියේ බ්‍රිතාන්‍යයෙන් ඉවත්වීම වඩාත් සුමටව හා නියම ක්‍රියාපටිපාටියකට අනුව එය සිදුවනු ඇති බවය.
මේ ආකාරයෙන් රැජින අශ්වාරෝහක රථ, ඔටුනු, සාම්ප්‍රදායික රාජකීය ඇඳුම්වලින් තොරවම මෙම අවස්ථාවට සහභාගී වීමට විශේෂිත හේතුවක්ද විය. ඒ තම ස්වාමියා වූ පිලිප් කුමරු රෝහල්ගතව සිටීමය. ඒ නිසාම, රැජින මෙම අවස්ථාවට සහභාගි වී තිබුණේ එඩින්බරෝ ආධිපාදවරයා වන තම පුත් චාල්ස් කුමරු සමගිනි.
එමෙන්ම, මහ රැජින ඔටුනු නොපැළඳුවද, සාම්ප්‍රදායික ලෙස රාජකීය ඔටුන්න විශේෂ පීඨිකාවක ඔවුන් ඉදිරියේ තැන්පත් කර තිබුණි.

.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
